Friday

පෑයු සඳ සාවී..

පෑයු සඳ සාවී නිල් අහසේ 
සැගවී ගියා.. ආයේ, 
කවදාද පායා දිලෙන්නේ.. 
දෑසේ ඉඟි පෑව ඔය රහස 
මට තේරුණා.. ආයේ, 
කවදාද මා හා දොඩන්නේ.. 

පායා යලි - අඹරේ දිලී, 
ආයේ.. සනසන්න රන් තාරකා.. 
පාලා යලි - දෑසේ ඉඟි, 
ආයේ.. හිනැහෙන්න පෙම් රූපිකා.. 

සඳ පෑයු දා පෙරසේ, 
බැබලී දිලී අහසේ, 
තරු හිනැහුනා.. රහසේ.. 
මනමාලකම් දෑසේ, 
මැවිලා පෙනේ මසිතේ, 
හිත හිනැහුනා.. රහසේ.. 

මට තේරුණා.. මට තේරුණා.. 
ඉඟියෙන් එදා, 
මා හට ආලේ කී කතා.. 

පෑයු සඳ සාවී..
සිතුවම් මවා මහදේ, 
ඔබ හැංගුනා රහසේ, 
එනකං බලා.. ඉන්නේ.. 
දෑසින් එදා කිවූ දේ, 
විඳගන්න මං ආයේ, 
එනකං බලා.. ඉන්නේ.. 

මට තේරුණා.. මට තේරුණා.. 
ඉඟියෙන් එදා, 
මා හට ආලේ කී කතා.. 

පෑයු සඳ සාවී..