Friday

සිහින සිත්තරාවි..

සිහින සිත්තරාවි,
ඇස් බිම බලා සිනාසී..
සබකෝලකම් කරාවි,
හිත ආදරෙන් පිරේවි..
මට නුහුරු ඉඟි කරාවි,
උන්මාදකම් ගෙනේවි..
රතු කම්මුලත් ශ්‍රියාවි,
සිපගන්නමයි හිතේවි..

මද සිහිලසක් වගේ - මා නිවාලමින්
සැනසුමක් ගෙනේවි,
මුළු ජීවිතේ පූරා - අරමුණක් තියා
හීනයක් තනාවී,
මුදු සීත නිල් දියට - තඹර මල වගේ
ලෙන්ගතුයි කියාවි,
ඔබ දීපු ආදරේ - මහ මෙරක් තරම්
මගේ හිතේ දරාවි..
ආදරේ දැනේවි..

සිහින සිත්තරාවි..

සඳ පාන පීරමින් - පිපෙන කුමුදු මල්,
නුඹ වෙතයි සුගන්දේ..
තරු අහුරු අම්බරේ -  මවන රූ රටා,
නුඹ නිසයි සිනාසී..
දුර දුවපු හිත අරන් - ලඟට ලං කරන්,
ආදරෙන් තවාවී..
මට නුඹ තරම් තවත් - නෑ සිතුම් පෙළක්,
හදවතේ ගැහේවි..
ආදරේ දැනේවි..

සිහින සිත්තරාවි..

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.